Tuesday, December 20, 2011

ඔයා මට විශ්වයක්....






මන් අසාරථක ගීතයක්,
පද නොගැලපුනු කවියක්.....
ඉස්සරම ඉස්සර ඉඩන්,
නොදන්න කමට අතරමන් වුනු,
හීනයක්.........

කවදාවත් සාර්ථක නොවෙන,
කවදාවත් පද නොගැලපෙන,
මේ ගී පදවැල් එකතු කරල,තනුවක් හදන්න,
අසාර්තක හීනයක් මවන මම නිසා,
දැනුත් ,..මේ දැනුත්
හිත රිදවගන්න ඔයා,.....
ඔයා මට ලොකයක්.....
ගී පදයක්වත් වෙන් නොකර ,
ඒව එකතු කරලා,
ලස්සන හමුවීමක් හදන්න සිහින මවන  ඔයා....
ඔයා මට විශ්වයක්....
අත්තමයි රත්තරනේ,
ඔයාගෙ ආදරේ මට මහා සාගරයක්.......

Saturday, December 17, 2011

සදට වඩා මම ආදරෙයි....



සදට වඩා මම ආදරෙයි....
හිරුට වඩා මම ආදරෙයි....
මටත් වඩා මම ආදරෙයි...
ප්‍රේමවන්ත්යානෙනි.....

ඈත ගව් ගනන් දුර සිට,
ඔබ සොයන් ආවේ මම....
සසරේ පතු හින්දාමයි..
හැර යන්නෙපා, දුක් දෙන්නෙපා..
මගෙ ජිවිතේ ඔබ තමයි...

සදට වඩා...

සිතේ පහන් දල්වාගෙන
ඔබේ නමට පූජා කර..
පතුවේ මගේ වෙන්නමයි...
හැර යන්නෙපා,දුක් දෙන්නෙපා...
මගේ ජීවිතේ ඔබම තමයි...

Wednesday, December 7, 2011

කදුලු අතරින් සිනාසෙන්න.......


















මන් තරම් ජීවිතේ ගැන කලකිරුණු කෙනෙක්....
මන් වගෙ ජීවිතේ එපා වුණු කෙනෙක්....
මන් වගේ ජීවිතෙ දුක් විදින කෙනෙක්....
මම වගේ හිතින් විදවන කෙනෙක්....
තව කොහේවත් ඉදීද මන්දා....
ඒත්........
මම තරම් ලොකේට පේන්න හිනාවෙන කෙනෙක්...
තව නෑ කියන එකනම් මම හොදටම දන්නවා...
ඒත්....මම හිනාවෙන වෙලාවට කවුරැත් හිතන්නෙ නෑ..
මම දුකින් ඉන්නෙ කියලා.....
මම කමති ඒකට....,
කාටවත් නොපෙනෙන්න අඩන්න.....
මම වගේම මට මුණගැහෙන ඔබටත් මම කියන්නේ...
අඩන්න කාටවත් නොපෙනෙන්න...
ඒත් හිනා වෙන්න...මුලු ලූකෙටම පේන්න...