Monday, October 31, 2011

පණය ඔබ මට..... මගේ පණමය......



මහා සාගරය තරම් ඔබට පිදු මගේ පෙම...
නැවත නොඅඩුව මටද ලබෙන විට....
ඔබේ නෙත දෙස බලා මගෙ සිත,
සිනාසෙනවා අහින්සක ලෙස.......


සෙමින් බර අඩි තබා යනවිට,

ඔබ හා මා ගිය මන් මාවත් වල......
සිහිල් පවන් රැල් දවටී මා ලග....
මතක් කරවයි ඔබේ මතකය

සිහින් හසරැල් නගී එවිටම,
නෙතට කදුලක් උණයි සතුටට 
හිතට පවසයි රහසේම මට....
කියමි.....පෙම්වත අදහනු මැන,
පණය ඔබ මට..... මගේ පණමය....

Saturday, October 29, 2011

දන්නවාද ඔබ.......

Add caption




සද දන්නවාද..?
සදට ආලොකය ලබා දුන්නේ ඉර බව....
ඉර දන්නවාද....?
ඉරට සද නතිව අලෝකයක් නති බව.....
නුඹ දන්නවද ...........??
පෙම්වත මට නුඹ නතිව ,
ජීවිතයක් නොමති බව.......
ඉතින් නොකියන්න කිසි දිනක ,
වෙන්වීමක් ගැන...
එසේ උනොත්....
සදටත්,ඉරටත් ,අහිමි වේවි ආලෝකය ......

ඔබ හා මම

හිතුවක්කාර කිරිල්ලී....


සුදු වලකුලු පේලි පාව යයි නිල් අහසේ
යන ගමන් අත වනා එන්න ‍යැයි හඩවී......


බොහෝ දුර පියබන්න, තටු හයිය නැ තම,
ඉවසපන් කීඉල්ලී සවිය එන තුරු ගතට.......

ආලවන්ත නුඹෙ හිත....


ආලවන්ත ඇස් ගාවදි
නුඹෙ අස් මුනගසුනු
නැ අමතක වෙන්නෙ තවත්
ඒ සොදුරු මුල් දවස......