Thursday, March 29, 2012

මම මුතූ.....


මම මුතූ.....
මේ සයිබර් අවකාහාෂයෙ මට ඉතුරු වුන පුන්චි ඉඩ තමයි මේ..
මම හීන මල්ලක්... 
ඔයාල හිතනවද මම ගොඩක් සතුටින් ඉන්න හෙනෙක් කියලා.. 
පින් සිද්ද වෙයි එහෙම හිතන්නවත් එපා... මෙ ලොකෙ ගොඩක්ම දුකින් ඉන්න 10 දෙනෙක් තේරුවොත් මම පලවෙනි 5 දෙනා අතරට ඉන්නවා...

Tuesday, March 20, 2012

දරා ගන්න බෑ....


දරා ගන්න බැරි තරම්ම..
හදා ගන්න බැරි තරම්ම....
අසරන වී ආදරයේ වේදනාව...
ලොකයටම කිව්වත් එය..
නෑසුනේ ඇයි කා හට...
ආදරයේ සිසිල සොයන්....
දිවි කතරේ මන් ආ විට...
හමු වූයේ ඔබ මට දුන්..
සතුටින් පිරි ඔබෙ හදවත...
ඉදින් තවත් මා තැවෙනු කිම..
තවත් අදරය සොය සොයා..
කතරේ අතරමන් වනු කුමකටද ?...


මමම නොදනී මගේ සිත ගැන...


රැය පහන් වන තුරුම....
දවස ගෙවෙනා තුරුම.....
ඔබ ගැනම සිතනවා..
ඔබම මට පෙනෙනවා....
ඔබට මම මෙච්චර ආදරේ බව ...
හිතට හැගෙන සෑම මොහොතකම
දෙනෙත් අගට කදුලැලි උනනවා....

Monday, March 19, 2012

ඔයා ගැන


ඊයේ හිතුවෙත් ඔයා ගැනමයි...
අද හිතන්නෙත් ඔයා ගැනමයි...
හෙට හිතන්නෙත් ඔයා ගැනමයි...
මැරෙන තුරු හිතන්නෙත් ඔයා ගැනමයි...

හිතේ කොනක ඉන්නෙත් ඔයාමයි...
එහෙම ඉදගෙන හෙමිහිට, හෙමිහිට....
මුලු හිතම අල්ල ගත්තේත්  ඔයාමයි...
දැන් හිත පුරාම ඉන්නෙත් ඔයාමයි...

දයාබර එකම වදනකින්


 ලොවම එපා වී,
ලොවම කලකිරී,
තැවි.. තැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින් ,
මගේ ආත්මය සුවපත් වේ

Thursday, March 8, 2012

අකුරු හතරක දුක....




ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...
එක මොහොතක අඩන්න වුනොත්,
තවත් මොහොතක සිනාසෙන්න වෙනවා.
ඒක නියතයි.
ඒ සතුට කියන එක හදවතෙ හැමදාකම රැදේවි,
ඒත් දුක කියන එක ,
හදවතේ හිර කරගෙන ,
හැමදාකම අඩන්න වේවි.

මේ අසීමිත දුකත් ,
සතුටත් , 
ඇති වෙන්නේ 
ආදරය කියන ,....
අකුරු හතර නිසයි.
ඒ ආදරයට අසීමිත ලෙස ආදරය කලොත්
දුක වැඩි ඈතක නොවන බව,
වටහා ගත යුතුයි....