Saturday, April 28, 2012

ආවාදො ඔබ......


පෙර සංසාරේ පැතුමක්‌ දෝ ඔබ...
මේ සංසාරේ හමුවුයේ....
කොහෙසිට මේ ලෙස ආවාදො ඔබ......
තනිකම මා සිත දවන වෙලේ.......

Tuesday, April 3, 2012

ඔබේ මතකය....




දිය මත ඇදි රුව සේ...
ඔබ මා මතකයෙන්.....
අමතක කිරීමට නොහැක මට..
ඔබ නිසා,
මට ලැබුනු සෙනෙහස...
ලැබුනු රැකවරණය...
දයාබරත්වය...
කෙසේනම් අමතක කරම්ද මම....
කලගුණ නොදත් සේ ...
මට ඔබ අමතක කල නොහැක....
මතකයේ රැදුනු සුන්දර ආදරයකි ඔබ....


Thursday, March 29, 2012

මම මුතූ.....


මම මුතූ.....
මේ සයිබර් අවකාහාෂයෙ මට ඉතුරු වුන පුන්චි ඉඩ තමයි මේ..
මම හීන මල්ලක්... 
ඔයාල හිතනවද මම ගොඩක් සතුටින් ඉන්න හෙනෙක් කියලා.. 
පින් සිද්ද වෙයි එහෙම හිතන්නවත් එපා... මෙ ලොකෙ ගොඩක්ම දුකින් ඉන්න 10 දෙනෙක් තේරුවොත් මම පලවෙනි 5 දෙනා අතරට ඉන්නවා...

Tuesday, March 20, 2012

දරා ගන්න බෑ....


දරා ගන්න බැරි තරම්ම..
හදා ගන්න බැරි තරම්ම....
අසරන වී ආදරයේ වේදනාව...
ලොකයටම කිව්වත් එය..
නෑසුනේ ඇයි කා හට...
ආදරයේ සිසිල සොයන්....
දිවි කතරේ මන් ආ විට...
හමු වූයේ ඔබ මට දුන්..
සතුටින් පිරි ඔබෙ හදවත...
ඉදින් තවත් මා තැවෙනු කිම..
තවත් අදරය සොය සොයා..
කතරේ අතරමන් වනු කුමකටද ?...


මමම නොදනී මගේ සිත ගැන...


රැය පහන් වන තුරුම....
දවස ගෙවෙනා තුරුම.....
ඔබ ගැනම සිතනවා..
ඔබම මට පෙනෙනවා....
ඔබට මම මෙච්චර ආදරේ බව ...
හිතට හැගෙන සෑම මොහොතකම
දෙනෙත් අගට කදුලැලි උනනවා....

Monday, March 19, 2012

ඔයා ගැන


ඊයේ හිතුවෙත් ඔයා ගැනමයි...
අද හිතන්නෙත් ඔයා ගැනමයි...
හෙට හිතන්නෙත් ඔයා ගැනමයි...
මැරෙන තුරු හිතන්නෙත් ඔයා ගැනමයි...

හිතේ කොනක ඉන්නෙත් ඔයාමයි...
එහෙම ඉදගෙන හෙමිහිට, හෙමිහිට....
මුලු හිතම අල්ල ගත්තේත්  ඔයාමයි...
දැන් හිත පුරාම ඉන්නෙත් ඔයාමයි...